
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂයේ සිටියදී අත්විඳින සුන්දරත්වය ආණ්ඩු පක්ෂයට පැමිණි පසු පවතින යථාර්තයේදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ විපක්ෂයේ සිටියදී ආණ්ඩුවලට චෝදනා එල්ල කළ වත්මන් ආණ්ඩුව ද එය අවබෝධ කරගත යුතු බවයි.
එමෙන්ම අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කුහකබවින් තොරව යථාර්තවාදී ලෙස කටයුතු කළයුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එවක ආණ්ඩුව බලයට පැමිණෙන විට දළ දේශීය නිෂ්පාදිතය පැවතියේ 8.2% ක අගයක බවයි.
එම පාලනය යටතේ එම අගය 12% ක් දක්වා රැගෙන ආ බවත්, 2016 දී 13.5% දක්වා ඉහළ නැංවූ බවත් අනතුරුව 2017 වසරේදී එම අගය 14.8% ක් දක්වා ඉහළ ගිය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එහෙත් 2019 වසරේදී 14.9% ක් ලෙස පැවැති දළ දේශීය නිෂ්පාදිතයේ අගය රට බංකොලොත්වීමත් සමග 2022 වසරේදී 8.2% ක් දක්වා පහළ ගොස් තිබූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු එහිදී පෙන්වා දුන්නේ අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හැකියාව හේතුවෙන් එම අගය 2023 වසරේදී 11% ක් දක්වා ඉහළ ගිය බවත් 2024 වසරේ එය දැක්වුණේ 13.9% ක් ලෙස බවයි.
එහෙත් වත්මන් රජය පවසන්නේ වර්තමානයේදී දළ දේශීය නිෂ්පාදිතය 14% යනුවෙන් පැවසුව ද එය සිදුවූයේ කෙසේද යන්න පැවසීම ආණ්ඩු පක්ෂයේ සිටින බුද්ධිමත් මන්ත්‍රීවරුන් විසින් සිදු කළ යුතු බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ කුහක බවින් තොරව සියලුදෙනා එක්ව රට ගොඩ ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart