September 13, 2026

වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ගිවිසුමට අනුව ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වාරිකය ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉන් අනතුරුව ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිල වශයෙන් ඉලක්කයකට අනුව කටයුතු කිරීමේ හැකියාව අහිමි වන බවයි.

ඒ අනුව එවැනි ඉලක්කයක් නොමැතිව තමාගේම ඉලක්කයක් අනුව කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව සහ විශ්වාසය තිබේ දැයි තමන් විමසා සිටින බව මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ඔහු කියා සිටියේ එය ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම අනෙකුත් ණය දෙන ආයතන සතුටු කළ හැකි ක්‍රමවේදයක් ද යන ගැටළුව පවතින බවයි.

තමාට නිරීක්ෂණය වන පරිදි මුදල් අමාත්‍යංශය මේ දක්වා එවැනි හැකියාවක් පෙන්නුම් කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.