February 11, 2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00)ක මුදලක් තබාගත් බවට රක්ෂිත බන්ධනාගාරගත රත්නපුරේ ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ රහස් ප්‍රකාශය හොඳින් සිතාබලා ස්වේච්ඡාවෙන් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වාදී තිබේ.

ඒ අනුව, ව්‍යාපාරික ගබ්ඛෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර යන සැකකරු මෙසේ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

මෙම රහස් ප්‍රකාශය ඊයේ දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී ලබාදීම සිදුකිරීමට නියමිතව තිබූ බව වාර්තා විය.