August 30, 2023

අදට (30) යෙදී ඇති පුර පසළොස්වක පොහොය සඳ සුපිරි සඳක සහ නිල් සඳක අසාමාන්‍ය සංයෝගයක්වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.

අද දිනයේ චන්ද්‍රයා මීට පෙර දැක ඇති අනෙකුත් පූර්ණ චන්ද්‍රයන්ට වඩා සියයට 14ක් විශාල වන අතර සියයට 30ක් දීප්තිමත්වනු ඇතැයි ද මහාචාර්යවරයා පවසයි.

පෘථිවිය ආසන්නයට සමීප වනවිට චන්ද්‍රයා සම්පුරණයෙන් පිරී ඇති විට එය සුපිරි පූර්ණ චන්ද්‍රයා හෝ සුපිරි සඳක් ලෙස හැඳින්වේ.

අගෝස්තු 31 වැනිදා පෙ.ව. 7.05ට චන්ද්‍රයා පෘථිවියට ආසන්නම වන අතර එහි දුර කිලෝමීටර් 357,344 කි.

එය යලි 2025 නොවැම්බර් දක්වා මෙතරම් සමීප නොවනු ඇත.

එකම මාසයක පුර සඳ දෙකක් යෙදෙන විට දෙවැනි පුර පසළොස්වක පොහොය නිල් සඳ ලෙස හැඳින්වුවද මෙය හුදෙක් නමක් පමණක් වන අතර සඳ සැබවින්ම නිල් පැහැයෙන් දිස් නොවේ.

නැගෙනහිර අහසේ හිරු බැස යෑමෙන් පසු 30 වැනි සන්ධ්‍යාවේ සිට පූර්ණ චන්ද්‍රයා දැකිය හැකි වුවද, මෙම සුපිරි නිල් සඳ නිරීක්ෂණය කිරීමට සුදුසු කාලය වන්නේ 31 වැනිදා හිරු උදාවට පෙර කාලය බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.