May 3, 2025

තෙල්, ගෑස් සහ ඖෂධ සඳහා රටේ පෝලිම් පැවැති යුගය වත්මන් ආණ්ඩුවට අමතකව ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පැවැති රජය ඉකුත් වසර දෙක තුළ එම ප්‍රශ්න විසඳූ බව පැවසීමට ආණ්ඩුවට වගකීමක් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ, මෙම අවස්ථාවේදී ආණ්ඩුව කුහක බවින් කටයුතු නොකළ යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පැවැති පාලනය ආර්ථිකය ස්ථායිකරණය කර තිබූ බව පැවසීමට ආණ්ඩුව ලැජ්ජා නොවිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ රනිල් වික්‍රමසිංහ ඡන්දයෙන් පරාජය වුවද ඔහුගේ වැඩපිළිවෙල ඔස්සේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් වෙමින් ඇති බවයි.