
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ සහ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නේ නම්, එජාපය ප්‍රමුඛව නිර්මාණය කරන දේශපාලන සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට එජාපය එකඟතාව පළකර ඇතැයි වාර්තාවේ.
මෙම තීරණයට එකඟතාව දක්වන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සමග එක්වූ කණ්ඩායමේ සහයෝගයද ඉදිරි මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලබාදීමට එජාපය කැමැත්ත පළකර ඇතැයි පැවැසේ.
මීට අමතරව අලියා හෝ ටෙලිෆෝනය වෙනුවට වෙනත් පොදු සලකුණකින් ඉදිරි මහමැතිවරණයට තරග කළ හැකි බවද එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට පෙන්වාදී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පොසු සලකුණ පිළිබඳව අද පස්වරුවේ අවසන් තීරණයක් ගනු ඇතැයිද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart