
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
එම වාර්තාවට අනුව, මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා කරනු ලබන්නේ කළින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයන්ටය.
හිටපු මැති ඇමැතින් 450 ක් පමණ මෙලෙස ඇරියුම් ලැබීමට සුදුසුකම් ලබා තිබේ.
එහෙත් ඒ අය අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා තෝරාගනු ලබන්නේ 225 දෙනකු පමණි.
මාසයේ පාර්ලිමේන්තුව රැස්වන දින 8 හිදී විකල්ප පාර්ලිමේන්තුව ද රැස්වෙයි.
විකල්ප පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ආණ්ඩුවේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන ඡායා ඇමැති මණ්ඩලයක් ද පත්කෙරේ.
ඔවුන් අදාළ අමාත්‍යංශ සම්බන්ධව ක්‍රියා කළ යුතුය.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් කිහිපදෙනෙක් විකල්ප පාර්ලිමේන්තුවේ කතානායක, සභානායක හා විපක්ෂ නායක ලෙස ද පත්කිරීම අරමුණයි.
මේ හැර දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), ගිණුම්කාරක සභාව (කෝපා) ඇතුළු කමිටු කිහිපයක් පිහිටුවීමටද අදහස් කරන බව දැනගන්නට ඇත.
එසේම මෙම විකල්ප පාර්ලිමේන්තුවට විශේෂ ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්ටද ඇරියුම් කෙරෙන අතර, ලොව විවිධ රටවල සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්ටද ශ්‍රී ලංකාවේ විකල්ප පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart