
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා හෝ පොහොට්ටුව යන ලකුණු හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.
ජනාධිපති වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරනු ඇති බව මහාචාර්ය මාරසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
“අලියා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වික්‍රමසිංහට සහය දීම සම්බන්ධයෙන් තමා ඇතුළු බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබෙන බව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා වැනි අය කියා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා එතුමා පොහොට්ටුවෙන් තරග කිරීම ගැන. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් ලකුණකින් තරග කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සියයට 80කට වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවද ඔහු පැවසීය.
“සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේයන දෙකම එකතු විය යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල ඉදිරිපත් කළ යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා. එවැනි පියවරකට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කළත් සමගි ජන බලවේගයේ අනෙකුත් අය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙයි කියලා අපි අපේක්ෂා කරනවා,” යැයි ඔහු පැවසීය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්වීමට නොහැකි බවද ඔහු පවසයි.
තවද, විදේශ සංචිත ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බවත්, සංචාරක ක්ෂේත්‍රය මේ වසර තුළ අනපේක්ෂිත වර්ධනයක් අත්විඳ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart