
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දකුණු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයන් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන සඳහන් කරයි.
ඒ අනුව, බෙලිඅත්තේ සිට උදෑසන 08ට පිටත්වන දුම්රිය හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් දුම්රිය ස්ථානවල නවත්වා අවසානයේ මරදාන දක්වා ගමන් කරන අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගමින් උදෑසන 07:30ට ආරම්භ කරන දුම්රිය ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම දුම්රිය ස්ථානවල නවත්වා බෙන්තරින් පසු මරදාන දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
උදෑසන 9.00ට අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කළුතර දිස්ත්‍රික්කයේ සියලුම දුම්රිය ස්ථානවල නවත්වා පානදුරෙන් පසු මරදාන දක්වා ගමන් කරන අතර, ඉතිරි ප්‍රදේශවල ජනතාව බස් රථවලින් මරදාන දක්වා රැගෙන ඒමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ජනතාවට හැකි පරිදි පහසුකම් ලබාදෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාළිගාවත්ත මැයි රැළිය පැවැත්වෙන ස්ථානයට රැගෙන එන බව ද වජිර අබේවර්ධන සඳහන් කරයි.
ඔහු පෙන්වාදෙන්නේ, මෙවර මැයි රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට රටේ කම්කරු ජනතාවත් වැඩකරන ජනතාවත් සියලු ජන කොටස් විසිනුත් කෘතවේදීත්වය දක්වන මැයි රැලියක් බවට පරිවර්තනය වී ඇති බවයි.
“ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයාට උපහාරයක් වේවා” යන්න එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි රැලියේ තේමාවයි.
මෙම මැයි රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart