
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන සෙනසුරාදා(09) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රට පුරා සියලුම මැතිවරණ කොට්ඨාශවල විසිරි සිටින සිය පාක්ෂිකයන් ඇමැතීමට නියමිත බව වාර්තා වේ.
සෑම මැතිවරණ කොට්ඨාශයකම ස්ථාන තුනක් තෝරාගෙන රනිල් වික්‍රමසිංහගේ කතාව විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහ සමග මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද එදිනට පාක්ෂිකයන් අමතනු ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් රනිල් වික්‍රමසිංහ සහාය දක්වන කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටී.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර විශාල ජනරැලි සංවිධානය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart