
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතාව “ඉල්ලූ දේ” අද වනවිට ලැබී තිබෙන බවත්, පක්ෂයක් ලෙස තමන් එයට එකඟ නොවුණ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ජනතාව “ඉල්ලූ දේ” ලබාදෙමින් සිටින බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහලේකම්වරයා මෙසේ පවසා ඇත.
”ජනතාව සහනාධාර එපා කිව්වා. සහනාධාර දීම වැරදි කිව්වා. රටක් හැටියට වැඩියෙන් බදු අය කරන්න ඕන කිව්වා. බදු අඩු කිරීම වැරදියි කියලා කිව්වා. ඉතින් ඒ දේවල් ජනාධිපතිවරයා විසින් අකුරට ඉටු කරමින් ඉන්නවා.
ජනතාව පාරට බැහැලා අරගල කරලා ඉල්ලා සිටි දේ ජනාධිපතිවරයා විසින් අද ඔවුන් වෙත ලබාදෙමින් තියෙනවා. අපි පක්ෂයක් විදියට එයට එකඟ නොවුණත් මේ තමයි ජනතාව ඉල්ලපු දේ.
ඉදිරි අනාගතයේදී අපි මීට වැඩිය වෙනස් ක්‍රියා පිළිවෙලක් ජනතාවට ඉදිරිපත් කරනවා. ජනතාව ඒකට කැමති නම් අපිට ඡන්දය දෙයි. නැත්නම් මේ විදියටම ඉදිරියට යන්න ඕන නම් ජනතාවට මේ විදිය තෝරාගන්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනතාවගේ කැමැත්ත උඩ තමයි ඉදිරියට යන්න තියෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart