
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණද, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට තමාගේ අවධානය යොමුව ඇති බැවින්, තමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ප්‍රථම රට ගොඩගැනීම තමාගේ සැලසුම වී ඇති බවයි.
“මේ මොහොතේ මගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩගැනීමයි. ජනාධිපතිවරණය ගැන පසුව තීරණය කරනවා” යැයි ජනාධිපතිවරයා පැවැසීය.
තම දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය පිළිබඳව ප්‍රශ්න කළ විට ජනාධිපතිවරයා කියාසිටියේ, පසුගිය මහ මැතිවරණයේදී එජාප මන්ත්‍රීවරුන් පරාජයට පත්වූයේ ආර්ථිකය පිළිබඳ සත්‍යය වෙනුවෙන් කතාකළ එකම කණ්ඩායම් ඔවුන් වූ නිසා බවයි.
එබැවින් ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය යළි කණ්ඩායම්ගත කර නැවත පැමිණීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart