
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2016 වසරේදී එවක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම වසරේදී චීනයේ සිදු කළ නිල සංචාරයක් සඳහා මුදල් ගෙවීමේ පදනමක මත චීන උපදේශකවරයකුගේ සේවය ලබා ගැනීමේ පුවතක් සම්බන්ධයෙන් රජයේ ජනමාධ්‍ය ආයතනයක් වන ස්වාධින රුපවාහිනී සේවය(ITN) වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව, 2016 වසරේ අප්‍රේල් මස 06 වනදා සිට 09 වන දා දක්වා සිදුකළ එම චීන සංචාරය සඳහා චීන උපදේශකවරයකුගේ සේවය ලබාගැනීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය පවා ලබාගෙන ඇති අතර, එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ එම වසරේ පෙබරවාරි මස 23 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බවත්, එදිනම ඊට අනුමැතිය ලබා ගෙන ඇති බවත් පැවැසේ.
කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එවකට චීනයේ සිටි තානාපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අග්‍රාමාත්‍යවරයාට සුදුසු උපදේශකවරයකු තෝරා ගෙන තිබේ.
එහිදී උපදේශකවරයා බඳවාගැනීමට යෝජනා වී ඇත්තේ කොන්ත්‍රාත් කාලයකට අදාළව වන අතර, ඊට ද අනුමැතිය හිමිව ඇත.
එම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ අදාළ චීන සංචාරයට මාස 02 කට පෙරදී බව පැවැසේ.
ඒ අනුව සැලසුම් කර ඇත්තේ, අප්‍රේල් මාසයට නියමිත චීන සංචාරයට පෙරම උපදේශකවරයා බඳවා ගැනීමටය.
අදියර දෙකක් යටතේ උපදේශවරයා බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබූ අතර, එහිදී උපදේශකවරයාගේ සේවය සඳහා මසකට අමෙරිකානු ඩොලර් 65,000 ක් නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි අසූඅට ලක්ෂ පනස්දහසක් ගෙවීම සඳහා ද අනුමැතිය හිමිව තිබේ.
කෙසේවෙතත් අදාළ උපදේශකවරයා සඳහා කොපමණ කාලයක් ගතවන තුරු ගෙවීම් සිදුකර ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව පැවැසේ.
ඒ අනුව, පූර්ව සැලසුම් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2016 වසරේ අප්‍රේල් මස 06 වනදා සිට 09 වන දා චීන නිල සංචාරය සිදුකර ඇති අතර, ඒ සඳහා උපදේශකවරයෙකුගේ සේවය ලබාගැනීම වෙනුවෙන් එවැනි විශාල මුදලක් වැයකළේ කෙසේද යන්න මහජනතාව ප්‍රශ්න කරන බව ITN වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart