
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් භාරදී තිබෙන ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් හැර වෙනත් කිසිදු අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම්කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.
ඒ අනුව මෙවර මැතිවරණයට තරග නොකළ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් අතරට නම් කර නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබේ.
තමන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඔවුන්ට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහු නම් කිරීමට අදහස් කරන බව සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන පරිදි එවැනි නම් කිරීමක් සඳහා නීතියෙන් ඉඩක් නොමැත.
මේ අනුව පක්ෂ මහලේකම් විසින් නම් කරන්නේ නම් සර්වජන බලය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්වූ දිලිත් ජයවීරට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart