
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.
වාර්තා සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව හා ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පලාත් පාලන ආයතන සදහා සියයට තිහක්, පළාත් සභා සදහා සියයට තිස්පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතළිහ බැගින් කෝටාවක් ශ්රීලංකා පොදුජන පෙරමුණට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක්, පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක් නියෝජනය ඉල්ලා ඇත.
මෙම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී අතර හෙට (ඉරිදා) නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart