
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අමෙරිකා එක්සත් ජනපද සංචාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටින බව වාර්තා වේ.
සංචාරය අතරතුර ඇතැම් පාර්ශව විසින් ලබාගත් ඡායරූපවල මෙම මන්ත්‍රී පිරිස දැකගත හැකිය.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වන මන්ත්‍රීවරුන් පිළිබඳ කිසිදු නිවේදනයක් නොතිබුණද, ඔවුන්ගෙන් කිහිපදෙනකු ජනාධිපතිවරයා ඇමෙරිකාවේදී සම්බන්ධවූ ප්‍රධාන කටයුතුවලදී මෙලෙස ඡායාරූපවල සටහන්ව තිබේ.
ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දැකගත හැකිවිය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ප්‍රේම්නාත් දොලවත්ත මෙන්ම වත්මන් ආණ්ඩුවට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ එස්.එම්.එම්.මුෂාරෆ් යන පිරිසද එහි සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart