
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කර ඇත.
එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලෝක බැංකුව විසින් දක්වන ලද සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පළමුව ලෝක බැංකු සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළකර ඇත.
දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බව පෙන්වාදී තිබේ.
ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart