
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කීර්තිමත් ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන රම්‍යා ජිරසිංහගේ ‘Father Cabraal’s recipe for love cake’ කෘතිය 31 වැනි ග්‍රේෂන් සම්මාන උළෙලේදී ‘ග්‍රේෂන් ත්‍යාගය’ (Gratiane prize) දිනා ගැනීමට සමත් වී තිබේ.
ග්‍රේෂන් සම්මාන උලෙළ යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රකට ගත්කතුවරයකු වන මයිකල් ඔන්ඩන්ජි විසින් බුකර් සම්මානය සඳහා ලද මුදලින් පිහිටුවනු ලැබූ භාරයකින් පවත්වන සම්මාන උළෙලකි.
මෙරට ඉංග්‍රීසි භාෂාවෙන් කෘති රචනා කරන කතුවරුන් දිරිමත් කිරීම වෙනුවෙන් 1993දී මෙම සම්මාන උළෙල ආරම්භ කර තිබේ.
කොළඹදී පැවතිඋත්සවයකදී ජිරසිංහ සිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ තමන් කිසිවිටෙකත් මෙම සම්මානය හිමිකර ගැනීමට බලාපොරොත්තු නොවූ බවයි.
“මේ වසරේ ග්‍රේෂන් ත්‍යාගය සඳහා ප්‍රබලම කතුවරුන්ගේ කෙටි ලැයිස්තුවක් තිබුණේ. කතුවරුන්ගේ එම ලැයිස්තුව අතර මීට පෙර ජයග්‍රාහකයන් දෙදෙනෙක් සහ දක්ෂ ලේඛකයන් දෙදෙනෙක් සිටියා. මට ලබා දී ඇති පිළිගැනීමට මම විනිශ්චයකරුවන්ට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඇය පවසා තිබේ.
ග්‍රේෂන් උත්සවය ජෝන් කීල්ස් පදනම සහ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහයෝගය ඇතිව පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart