
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසනීප තත්වය හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙනීසිටිය නොහැකි බව හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් අල්ලස් කොමිසමට දන්වා ඇති බව වාර්තා වේ.
හිටපු ධීවර අමාත්‍යවරයා ලෙස ධූරය දරන කාලසීමාවේදී, නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය නොකර කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට මූල්‍යමය පාඩු සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
එම අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ (02) දින පෙ.ව. 9 ට හිටපු අමාත්‍යවරයාට කැඳවීමක් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත්, නීතිඥවරයකු ඊයේ ඔහු වෙනුවෙන් පෙනීසිට ඇති අතර, සිය සේවාදායකයාට වෛද්‍ය තත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි වූ බව සඳහන් කරමින් ලිපියක් ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නඩුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුමැතිය ඉල්ලා අල්ලස් කොමිසම මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග වෙත සාක්ෂි ඉදිරිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart