
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන යන නෛතික හා ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය සඳහන් කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය සුරැකීම සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් වන බවයි.
විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ ධුර කාලය වෙනස් කිරීම වැනි සංවේදී කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධන ලෙස සැලකිය නොහැකි බව පෙන්වාදෙන දුම්රිය ස්ථානාධිපති සංගමය, මෙවැනි පියවරක් හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසයට එල්ල වන බලපෑම පිළිබඳව දැඩි ලෙස සලකා බැලිය යුතු බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart