
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයට හර්ඩික් පාණ්ඩ්‍යා පත්කර තිබේ.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයග්‍රහණය කිරීමෙන් පසු නායකත්වයේ කටයුතු කළ රෝහිත් ෂර්මා අන්තර්ජාතික පන්දුවාර විස්ස පිටියට සමුගැනීම ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම තරගාවලියේ උපනායකත්වයේ කටයුතු කළ පාණ්ඩ්‍යාට ශ්‍රී ලංකා සංචාරයේදි නායකත්වය ලබා දි ඇත.
දෙරට අතර තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය ලබන 27 ,28 සහ 30 වන දිනයන්හි පැවැත්වේ.
මේ අතර, දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ඉන් අනතුරුව අගෝස්තු මස 02 වනදා ආරම්භ වන අතර එහිදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය කේ.එල්.රාහුල්ට ලබා දී ඇත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා රෝහිත් ෂර්මා , විරාට් කෝලි සහ ජස්ප්‍රිට් බුම්රා විවේක න්වීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart