
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිත කරන යන්ත්‍ර දෙකම මාස ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් එම රෝහලෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ට දුර බැහැර ගෙවාගෙන මහරගම, යාපනය වැනි රෝහල්වලට යෑමට සිදුව ඇති බව සඳහන් වේ.
අදාළ යන්ත්‍ර දෙක ප්‍රයෝජනයට නොගැනීමට හේතුව ඒවා සවිකර ඇති ස්ථානයේ වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය වීම බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම වායුසමීකරණ යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart