
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ සුපිරි ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ්හි පූර්ණ හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා කටාර්හි ශේක් ජසිම් (Sheikh Jassim), එවැනි මිලදීගැනීමකට ලොව මෙතෙක් තබන ලද ඉහළම අගය වන එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2ක ලංසුවක් තබා ඇති බව එක්සත් රාජධානියේ ජනමාධ්‍ය වාර්තා කරයි.
පාපන්දු සමාජය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්, අදාළ ලංසු පසුගිය සිකුරාදා දිනට පෙර කැඳවා තිබිණි. එක්සත් රාජධානියේ රසායනික ද්‍රව්‍ය සමාගමක් වන INEOS හි හිමිකරු වන ශ්‍රීමත් ජිම් රැට්ක්ලිෆ්, ශේක් ජසිම්ගේ ප්‍රතිවාදී ලංසුකරු ලෙස ඊළඟ වැඩිම ලන්සුව ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් ශේක් ජසිම්ගේ ලන්සුව, මැන්චෙස්ටර් යුනයිටඩ්හි වත්මන් හිමිකරුවන් වන ග්ලේසර් පවුල විසින් ඉල්ලා සිටින ඩොලර් බිලියන 7.5 ට වඩා අඩුය. ශේක් ජසිම්ගේ ලංසුව යනු සියයට 100 ක මිලදී ගැනීමේ ගිවිසුමක් සමඟ ක්‍රීඩා සමාජයේ පූර්ණ පාලනය ලබා ගැනීමේ උත්සාහයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart