
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තුව වැඩිකිරීම සම්බන්ධ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව නොසළකා හැර තිබේ.
2023 සැප්තැම්බර් 04 දින ලංවිම විසින් ජුලි මාසේ විදුලිබිල අඩුකිරීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති මූල්‍ය අපහසුතාවන් දක්වමින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ විදුලි ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසයි.
මේ සම්බන්ධව අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සමාජිකයකු සදහන් කර ඇත්තේ, ලංවිම විසින් ඉදිරිපත් කළ තිබු ලිපිය ගාස්තු සංශෝධන යෝජනා ආකෘතියක් නොවන බවත් එය දැනට මුහුණ පෑ ඇති මුල්‍ය අර්බුද විස්තර කිරීමක් බවත්ය.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ,
“අපි තවම ලිපිය පිළිබද සාකච්ඡා කරලා නැහැ. ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට විශේෂිත ආකෘතියක් තියෙනවා. ඒ අනුව ඉල්ලීම් කළාම අපි ඒ පිළිබදව සළකා බලනවා.” යනුවෙනි.
මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති අදාළ ලිපියේ,ලංවිම සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පවසා ඇත්තේ, ලංවිම 2023 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා 3.15%ක විදුලි ගාස්තු අඩුකිරීමක් යෝජනා කර තිබුණත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එම ගාස්තුව 14.2% කින් පමණ අඩු කර ඇති බවය.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි පාරිභෝගික සංගමයේ සභාපති සංජීව ධම්මික පසුගියදා කියාසිටියේ විදුලිබල මණ්ඩලය 56%කින් ගාස්තු වැඩි කිරීමට සූදානම් වන බවයි.
විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති ඇමැතිවරයාට අවශ්‍යතා මත විදුලි ගාස්තු සංශෝධනය කළ නොහැකි බවත්, වසරකට ගාස්තු සංශෝධන දෙකක් පමණක් සිදුකළ හැකි බවත් ඔහු වැඩිදුර සදහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart