
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදෙන නව පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත සම්මත කර ගැනීමට කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරයි.
මහජනතාව සහ සිවිල් සංවිධාන ඉදිරිපත් කළ නිර්දේශ මෙන්ම ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර නීතිමය රාමුවන්ට අනුකූල වන පරිදි සකස් කර ඇති මෙම නව පනත, “රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” (State Prevention of Terrorism Act – SPTA) ලෙස නම් කෙරෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
නව පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති අතර, එය මුලින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර, අනතුරුව ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. “අපි සැලසුම් කරලා තියෙන්නේ මාස දෙකක් ඇතුළත මේ පනත සම්මත කර ගන්නයි” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරයි.
වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ කිහිපයක්ද මෙම නව කෙටුම්පතට ඇතුළත් කර ඇති බව ඔහු පවසයි.
ජනාධිපති නීතිඥ රීන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව, පුළුල් හා සියලු පාර්ශ්වයන් ඇතුළත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මහජන අදහස් මෙන්ම සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ආයතනවල දායකත්වය ලබාගෙන තිබේ.
මෙම කෙටුම්පත අදාළ එක්සත් ජාතීන්ගේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ වෙතද යොමු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.
“දැනට මෙම පනත යටතේ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ට කුමක් සිදුවේද යන්න පිළිබඳව තවමත් විසඳාගත යුතු ගැටලු කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි,” යැයි පවසන අමාත්‍යවරයා, එම ගැටලුද ඉතා ඉක්මනින් විසඳන බව සඳහන් කරයි.
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තත්කාලීන විධිවිධාන) පනත අහෝසි කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්ද වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර්ජාතික සංවිධාන කිහිපයක්ම මෙම මතභේදාත්මක නීතිය අහෝසි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියි.
මේ අතර, පසුගියදා දමිළ රැප් ගායක ගනේෂකුමාර් සංගීතන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අනතුරු අඟවා සිටියේ, මෙම නීතිය හරහා තවදුරටත් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වන බවයි.
එමෙන්ම මෙම පනතේ අඩංගු ‘පුළුල් සහ අපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති වැරදි’ අන්තර්ජාතික නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන බවද එම සංවිධානය පෙන්වාදෙයි.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart