
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ සිදුවූ බව කියන පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ OnmaxDT නමැති පෞද්ගලික ආයතනයේ අධ්යක්ෂවරයකුට අයත් වත්කම් විකිණීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
පිරමිඩ යෝජනා ක්‍රමවල නිරතවීම හේතුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද ආයතන 09 අතර OnmaxDT ද වේ.
‘ලංකාදීපයට’ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් OnmaxDT හි අධ්යක්ෂවරයකු වන සම්පත් සඳරුවන්ට අයත් රුපියල් මිලියන 620කට වැඩි දේපළ 20ක් පැවරීම හෝ විකිණීම වළක්වාලමින් මෙම නියෝගයක් නිකුත් කර තිබේ.
මාතර, කළුතර, හම්බන්තොට, සහ කඩවත ප්‍රදේශ භාර ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිව් දෙනෙකුට මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.
පිරමීඩ ක්‍රමය භාවිත කරමින් දේපළ ලබාගෙන ඇති බවට විමර්ශනවලින් තහවුරු වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම අධිකරණ නියෝගය ඉල්ලා තිබිණි.
සම්පත් සඳරුවන්ට අයත් දේපළ 20ට සුපිරි හෝටලයක් සහ සුපිරි නිවාස කිහිපයක් ද ඇති බව රහස් පොලිසිය හෙළි කළ අතර, සුඛෝපභෝගී හෝටලයක් සහ නිවාස 06 ක් මාතර ද, ඉඩම් දෙක බැගින් හම්බන්තොට සහ කඩවත ද, ඉඩම් 10ක් කළුතර ප්‍රදේශයේ ද තිබූ බව සඳහන් වේ.
පිරමිඩ ජාවාරමට සම්බන්ධ බව වසන් කිරීම සඳහා සම්පත් සඳරුවන් එම දේපළවල අයිතිය තම බිරිඳට සහ ඥාතීන්ට පැවරීමට උත්සාහ කර ඇති බවද අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart