
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති ශ්‍රී ලංකාව, කැපවීම් 3ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇත.
ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් දෙකක් ආදායම හා සම්බන්ධිතය.
පළමුවැන්න නම්, 2023 මාර්තු වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.1% දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීමයි.
නමුත් 2023 පළමු කාර්තුවේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578 ක් පමණි.
දෙවැන්න නම් මැයි 30 වන දින ප්‍රකාශයට පත් කරන ලද බදු යෝජනාව මත පදනම්ව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීමයි.
සූදු ක්‍රීඩාව සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීම, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 5ක්, සජීවී රූපවාහිනී විකාශනය භාවිතා කරන අවස්ථාවක වාර්ෂික බද්ද රුපියල් මිලියනයක්, සජීවී රූපවාහිනී විකාශනයකින් තොරව ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රු. 75,000 ක්, සහ දළ එකතුව (gross collection) මත බද්ද 15% ක් ලෙස නියම කිරීමට යෝජනා කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත 2023 අප්‍රේල් මස 4 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණ ද, ඒ හා යමින් පනත සඳහා සංශෝධනයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත
ඉටු නොකළ තුන්වන කැපවීම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමයි.
මාර්තු 7 වැනිදා මීට අදාළ පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කළද, ඒ අනුව යමින් මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැත.
මැයි මස අවසානය වන විට, මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවිය යුතුය යන කැපවීම අර්ධ වශයෙන් ඉටු වී ඇත.
මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ (i) සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, (ii) ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ (iii) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වන අතර මෙම තොරතුරු අර්ධ වාර්ෂික පදනමින් නිකුත් කළ යුතුය.
මැයි මස අවසානය වන විට හඳුනාගත් කැපවීම් 6ක ප්රගතියේ තත්ත්වය නොදනී යනුවෙන් වර්ගීකරණය කර ඇත.
එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු නොතිබිණ යන්න එහි අදහසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart