
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා මාතර අකුරැස්ස ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක නිලධාරිනියක විසින්, තම ගිණුමේ මුදල් ලබාගැනීමට එහි ගිය සමෘද්ධි ප්‍රථිලාභියකුට සහ තවත් අයකුට පරුෂ වචනයෙන් බැනවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ සිදුවූ බව කියන මෙම සිද්ධියේදී, කාන්තා බැංකු නිලධාරිනියක් එම පුද්ගලයන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැනවදින අයුරු දැක්වෙන සිද්ධියක වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල, විශේෂයෙන්ම ෆේස්බුක් ඔස්සේ සංසරණය වෙමින් පවතී.
එම වීඩියෝ දර්ශන ඔස්සේ රාජ්‍ය ආයතනවල මෙන්ම ඒවායේ නිලධාරීන්ගේ සේවා ගුණාත්මකභාවය පිළිබඳ සමාජ සංවාදයක් ඇති කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරන සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් පවසා ඇත්තේ, සමෘද්ධි නිලධාරීන් 24,000ක් අතරින් මෑතක සිදුවූ සිද්ධියට සම්බන්ධ වන්නේ එක් අයෙකු පමණක් බවයි.
“සමෘද්ධි බැංකුවල නිලධාරීන් 24,000ක් ඉන්නවා. මේ වගේ සිදුවීම් හැම ආයතනයකම වගේ වෙනවා. මේ සිද්ධිය උලුප්පා දක්වන්නේ කුමන පාර්ශ්වයෙන්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. නමුත් අපි කණ්ඩායමක් යොදවලා පරීක්ෂණයක් කරන්න කටයුතු කරලා තියෙනවා. නිලධාරිනිය මොකක් හරි වැරැද්දක් කරලා තියෙනවා නම්, අපි අනිවාර්යයෙන්ම ඇයට විරුද්ධව පියවර ගන්නවා” ඔහු පවසා ඇත.
සමෘද්ධි සංවර්ධන බැංකුවේ ගිණුම්වලින් මුදල් ලබාගැනීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ, අවශ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් මුදල් ආපසු ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart