
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාලවයස්කරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවට ඇති කනස්සල්ල සඳහන් කරමින්, යුරෝපීය කොමිසම ප්‍රධාන වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි හතරක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඩිජිටල් සේවා පනත (DSA) යටතේ ඉතා විශාල මාර්ගගත වේදිකා (VLOPs) ලෙස වර්ගීකරණය කර ඇති අතර, ඒවායේ පුළුල් පරාසය හේතුවෙන් වැඩිදියුණු කළ ආරක්ෂක පියවරයන් අවශ්‍ය වේ.
කොමිසමට අනුව, මූලික සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ, ප්‍රමාණවත් වයස් සත්‍යාපන පද්ධති නොමැතිකම සහ බාලවයස්කරුවන් හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම අඩුකිරීම වෙනුවෙන් ඒවායේ අවදානම් තක්සේරු කිරීම් නොමැතිකමයි.
‘පෝර්න්හබ්’ හි මව් සමාගම වන අයිලෝ, මෙම විමර්ශනය පිළිගෙන ඇති අතර අන්තර්ජාලය හරහා දරුවන් ආරක්ෂා කිරීමට කැපවී සිටින බව සඳහන් කර තිබේ.
අනෙකුත් වේදිකා මෙතෙක් ඒ සමබන්ධයෙන් මහජන ප්‍රතිචාර නිකුත් කර නොමැත.
කොමිසම පවාන්නේ, බාලවයස්කරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවක් බවත්, ලබන ගිම්හානය වන විට දියත් කිරීමට අපේක්ෂා කරන වයස් සත්‍යාපන යෙදුමක් සඳහා කටයුතු කරන බවත්ය.
ඊට සමාන්තරව, යුරෝපා සංගමයේ සාමාජික රටවල් කුඩා අසභ්‍ය වේදිකාවලට එරෙහිව ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කරමින් සිටී.
ඩිජිටල් සේවා පනත උල්ලංඝනය කිරීමක් පවතින බව සොයා ගතහොත්, ඊට සම්බන්ධ සමාගම්වලට ඔවුන්ගේ ගෝලීය වාර්ෂික ආදායමෙන් 6% ක් දක්වා දඩ මුදල්වලට මුහුණදිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart