
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂයෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේදී නීතිමය කටයුතුවලට සම්බන්ධ ළමුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා පරිවාස නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1978 අංක 02 දරන අධිකරණ පනතට අනුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් මෙම වෙනස බලාත්මක කිරීම සඳහා අංක 2347/10-2023 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
දැනට සක්‍රීය ස්ථීර සේවයේ යෙදී සිටින පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ සෑම පරිවාස නිලධාරියෙකුම තමන් පත් වූ පළාත තුළ අදාළ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමවිනිසුරු පදවිය දරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ස්ථිර සේවයේ නියුතු සෑම ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරියෙකුම තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුරූප වන පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාම විනිසුරුවරයාගේ භූමිකාව ස්වයංක්‍රීයව භාරගන්නා බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ උපදේශන ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන් අධිකරණ ඇමැතිවරයා මෙම වැදගත් පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart