
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියලු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ පැවසිය.
සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැයකොට තිබු බවට විදුහල්පතිවරියට චෝදනා එල්ලවි තිබිණි.
එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් හා පාසල් දරුවන්ගේ මාපියන් මේ සම්බන්ධයෙන් කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව සිදුකළ පැමිණිලි මත මේ සම්බන්ධයෙන් බලධාරින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
දරුවන්ට මෙදින ආහාර පාසලින් නොසපයන බැවින් නිවසින් ලබාදෙන ලෙසට මාපියන්ට දැනුම්දි පාසලින් දරුවන්ට ආහාර ලබාදුන් බවට ව්‍යාජ වවුචර්පත් සකස් කොට මුදල් වංචාකර ඇති බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවි තිබේ.
එම වංචාකළ මුදලින් පාසල් දරුවන්ට ආහාර සපයන සැපයුම්කරුවා ලවා සැමියාගේ උපන් දින සාදයට කිරිබත්,කොකිස්, කට්ලට් හා කඩල පිසගෙන තිබු බවත් මාපියන් සිදුකළ පැමිණිල්ලේ සදහන්ව ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ කාලයේදී චෝදනාවට ලක්ව සිටි විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිණියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබා සිටිය ද විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්විම අත්හිටුවිමට පියවර ගෙන ඇති බවත් උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ පැවසිය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart