
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ සුප්‍රසිද්ධ ‘බ්ලැක් ෂීප්’ කබාය වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.1 කට අලෙවි වී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම කබාය ‘බ්ලැක් ෂීප්’ නමින් හඳුන්වන්නේ, ඩයනා කුමරියගේ ලොම් සහිත රතු කබායේ සුදු බැටලු පේළි අතර තනි කළු බැටළුවෙකු සිටීම නිසාය.
ලංසු තැබීමේ අවස්ථාවේ දැඩි තරගකාරීත්වයක් පැවති බව මෙම වෙන්දේසිය සිදුකළ ආයතනය සඳහන් කර තිබේ.
එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඩයනා කුමරිය චාල්ස් කුමරු සමග විවාහ ගිවිස ගැනීමෙන් ටික කලකට පසුව 1981 ජුනි මාසයේ පෝලෝ තරගයකදී ඇඳ සිටි මෙම “බ්ලැක් ෂීප්” කබාය වඩාත් සංකේතාත්මක ඇඳුම්වලින් එකක් බවට පත්විය.
අන්තර්ජාල ලංසුකරුවන් අතර පැවති දැඩි තරගයකින් පසු ගාස්තු සහ කොමිස් ඇතුළුව ඩොලර් මිලියන 1.1 කට මෙම කබාය අලෙවි වූ බව වෙන්දේසි ආයතනය පවසයි.
ඒ අනුව, ඩොලර් 50,000 සිට 80,000 දක්වා වූ මූලික විකුණුම් ඇස්තමේන්තුවට වඩා 10 ගුණයකින් එය වැඩි බව වෙන්දේසි ආයතනය සඳහන් කරයි.
වෙන්දේසිකරුවන් විසින් ජයග්‍රාහී ලංසුකරුගේ අනන්‍යතාව හෙළිකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart