
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටියක මුදලක් සිරිලිය සවිය අරමුදල් ගිණුමට බැර කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට වාර්තා වේ.
අදාළ CT ස්කෑනර් යන්ත්‍රය චීන රජය විසින් නොමිලේ ලබා දී තිබියදී, බැංකුවෙන් ලබාගත් මෙම මුදල වෙනත් කාර්යයන් සඳහා අවභාවිත කර ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිරිලිය සේවිය සංවිධානය මගින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මරදාන සහ සුදුවැල්ල ශාඛාවල පවත්වාගෙන ගිය ගිණුම් වෙත මෙම මුදල් හුවමාරු කර ඇති බව බැංකු නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණද, ඇය රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම ප්‍රශ්න කිරීම පසුව සිදු කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
රිජ්වේ ආර්යා රෝහලට යන්ත්‍රය මිලදී ගැනීමට යැයි පවසමින් රජයේ බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සැකකටයුතු කරුණු රැසක් පවතින බවත්, මෙම ගිණුම සම්බන්ධයෙන් මීට පෙරද පැය 4කට අධික කාලයක් ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart