
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිතාන්‍යයේ රාජකීය ඈන් කුමරිය ලබන වසරේදී මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඇය සමඟ ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද පැමිණෙනු ඇත.
2024 ජනවාරි 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ඈන් කුමරියගේ මෙරට සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඇය මෙරට සංචාරය කරන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය ඈන් කුමරියට කර ඇති ආරාධනය අනුවය.
ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර, වත්මන් කිරීටය හිමි III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart