
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවකවධය පමණක් නොව මෙරට සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුවන සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව විමර්ශනය කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
නවකවධය සහ විශ්වවිද්‍යාල තුළ සිදුවන ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාතික කාර්යසාධක බලකායේ සාමාජිකයන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ප්‍රායෝගික නිර්දේශ සකස්කර මෙම ගැටළු මැඩළීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු බවයි.
වසර තුනක කාලයක් සඳහා පත්කරන ලද කාර්යසාධක බලකායට අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ ප්රචණ්ඩත්වයේ සිද්ධීන් පරීක්ෂා කිරීමට සහ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය අධිකාරිය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ද ඇය පැවසුවාය.
එහිදී කාර්යසාධක බලකායේ නියෝජිතයන් උසස් අධ්‍යාපනයේ ප්‍රචණ්ඩත්වයට හේතුවන සාධක කිහිපයක් පෙන්වාදී ඇති අතර සිසුන් සහ කාර්ය මණ්ඩලය අතර නිසි සබඳතා නොමැතිකම, නවකවධය සම්බන්ධයෙන් සිසුන් තුළ පවතින භයානක ආකල්ප සහ ගෞරවය ඉල්ලා සිටීමේ හෝ අධිකාරිය තහවුරු කිරීමේ මාධ්‍යයක් ලෙස ප්රචණ්ඩත්වය අනිසි ලෙස භාවිත කිරීම ඒවා අතරට අයත් වේ.
අධ්‍යයන කටයුතු හමුවේ එල්ල වන පීඩනය සහ පීඨ තුළ ඇති විවිධ හේතු මත නිර්මාණය කරන ලද ආතතිය ද මෙම ප්‍රචණ්ඩත්වයට බලපා ඇතැයි ඔවුහු පෙන්වාදුන්හ.
ප්රචණ්ඩත්වය මැඩළීම සඳහා නවීකරණය කරන ලද නෛතික රාමු සහ යාන්ත්‍රණයන්, මනෝභාවය වෙනස් කිරීමේ වැඩසටහන් සමඟින් කෙටිකාලීන සහ දිගු කාලීන උපාය මාර්ගවල අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර තිබේ.
ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බවත්, වැළැක්වීමේ අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඇය පැවසුවාය.
එම හමුවට සහභාගී වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ලක්වන සිසුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart