
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලුසෙයිල් මාලිගයේදී කටාර් රාජ්‍යයේ එමීර්, ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි හමුවිය.
කටාර් එමීර් රාජ්‍යයේ නිල ප්‍රකාශන අංශය සඳහන් කළ පරිදි, මෙම හමුවේදී අග්‍රාමාත්‍ය අමරසූරිය සිය දූත පිරිස ද සමඟින් එමීර්වරයා වෙත ශ්‍රී ලංකාවේ ශෝකය පෞද්ගලිකවම ප්‍රකාශ කර ඇත.
කටාර්හි නියෝජ්‍ය එමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල් තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් බින් ජසීම් අල් තානි, ෂුරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ඝානිම්, අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු කටාර් නායකත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනකු ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයා වෙනුවෙන් පැවැත්වෙන ශෝක ප්‍රකාශ කිරීමේ නිල වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පසුගිය සඳුදා කටාර් බලා පිටත්ව ගියාය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart