
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ එහි සම නිර්මාතෘ දිමිත්‍රි උට්කින් මියගිය බව කියන ගුවන් අනතුර ගුවන් යානයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍යයක් නිසා සිදු වූවක් විය හැකි බව රුසියානු විමර්ශන ආරංචි මාර්ග පවසයි.
රුසියානු ස්වාධීන ප්‍රකාශකයෙක් වන Baza, පියාපත් පිටුපස ගුවන් යානයේ වලිග කොටසේ නාන කාමරය අසල සේවා මැදිරියක් බෝම්බයක් සඟවා තැබීමට සුදුසු ස්ථානයක් බව පෙන්වා දුන්නේය.
ගුවන් ආරක්ෂක මිසයිලයකින් Embraer Legacy 600 ජෙට් යානය බිම හෙළන ලද බවට පෙර පැවති න්‍යායන් බොහෝ දුරට අසත්‍ය විය හැකි අතර, බහුවිධ විමර්ශන ආයතනවලට අනුව, කඩාවැටුණු ස්ථානය අවට අහසේ දෘශ්‍යමාන රොකට් මාර්ග හෝ කොටස් නොමැති බව පෙන්වා දුන්හ.
අනතුර සිදුවූ ස්ථානයට ආසන්නව පිහිටි කුෂෙන්කිනෝ නගරයේ පුද්ගලයෙක් ජෙට් යානය පොළවට කඩා වැටීමට පෙර අහසේ පුපුරා යන බව තමන් දුටු බව පැවසූ නමුත් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ ඔහු කිසිවක් පවසා නොමැත.
කුෂෙන්කිනෝ හි පදිංචි Anastasia Bukharova, බදාදා ඇය තම දරුවන් සමග ඇවිදිමින් සිටියදී ජෙට් යානය දැක ඇති අතර, මද වේලාවකට පසු එය අහසේ පුපුරා ගොස් පහළට වැටෙන්නට පටන් ගත් බව පැවසීය.
අනතුරින් මියගිය ගුවන් සහයිකා Kristina Raspopova, තාක්ෂණික පරීක්ෂාවක් සහ නිශ්චිත නොවන අලුත්වැඩියාවක් හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වූ බව ගුවන්ගත වීමට පෙර පවුලේ අය සමග පවසා ඇතැයි රුසියානු ජනමාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණි.
මෙය වාර්තා වන්නේ ප්‍රිගොෂින්ගේ සුපුරුදු ගුවන් නියමුවා – Artem Stepanov – රුසියාවේ දුරස්ථ ප්‍රදේශයක නිවාඩුවක් ගත කරමින් සිටි බවත් ඊයේ සිදුවීමට පෙර ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත් අනාවරණය වීමත් සමගයි.
කඩා වැටුණු ගුවන් යානය පිළිබඳ දත්ත පරීක්ෂාවේදී පෙන්නුම් කරන්නේ පිපිරුමෙන් ගුවන් යානය බිමට කඩා වැටීමට පෙර එය අඩි 29,000 ක් පමණ පියාසර කරමින් තිබූ බවයි.
බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසි ය පැවසුවේ රුසියාවේ අභ්‍යන්තර ආරක්ෂක සේවය වන FSB ගුවන් අනතුර පිටුපස සිටින බවට සැක කිරීමට හේතුවක් ඇති බවයි.
නමුත් ප්‍රිගොෂින්ගේ මරණය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, වැග්නර් ප්‍රධානියා තවමත් ජීවතුන් අතර සිටින බවට අනුමාන කෙරේ.
කෙසේ වෙතත් වැග්නර් ආධාරකරුවන් තම මියගිය නායකයාට ගෞරව දැක්වීම සඳහා මල් තබා අඬන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගෙන තිබේ.
ගුවන් අනතුරින් ප්‍රිගොෂින් මෙන්ම වැග්නර් සම-නිර්මාතෘ දිමිත්‍රි උට්කින් ද මියගිය පුවත් මධ්‍යයේ කුලී හේවායන් දැන් ‘පූර්ණ බලමුලු ගැන්වීම්’ සඳහා සූදානම් වෙමින් සිටින බව ඩේලි මේල් වාර්තා කළේය.
ප්‍රිගොෂින් සමග සමීපව සම්බන්ධ වූ රුසියානු ජනමාධ්‍ය ආයතනයක් වන Readovka වාර්තා කළේ, පෞද්ගලික හමුදා සමාගමට ‘ප්‍රිගොෂින් හෝ උට්කින් ගේ මරණයේදී දිගුකාලීනව ස්ථාපිත අනුමත ක්‍රියාකාරී යාන්ත්‍රණයක්’ ඇති බවයි.
‘මූලාශ්‍රයක් තහවුරු කළේ: ‘Prigozhin ගේ මරණයේ දී, ඔහුගේ මරණයට වැරදිකරු කවුරුන් වුවත් – සම්පූර්ණ බලමුලු ගැන්වීම සඳහා යාන්ත්‍රණයක් ඇත.’, ඩේලි මේල් වාර්තා කර තිබුණි.
ඔවුන්ගේ නායකයාගේ මරණයට වැග්නර් කුලී හේවායන් කිනම් ආකාරයේ ප්‍රතිචාර දක්වයිද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.
‘වැග්නර්වරු කුමක් කරනු ඇත්ද යන්න පිළිබඳව මේ වන විට බොහෝ කතා බහට ලක්ව ඇත. අපිට ඔයාට එක දෙයක් කියන්න පුළුවන්, ‘පි පටන් ගන්නවා, අපි වෙනුවෙන් ලෑස්ති වෙන්න.’ ‘ කුලී හේවායන් එක් වීඩියෝවක් නිකුත් කරමින් පැවසීය.
MI6 හි හිටපු ප්‍රධානී ශ්‍රීමත් ජෝන් සෝයර්ස් බීබීසී රේඩියෝ 4 හි ටුඩේ වැඩසටහනේදී ප්‍රකාශ කළේ ‘සියලු ඇඟවීම් පෙන්වා දෙන්නේ පුටින් ඔහුව ඉවත් කර ඇති බවත්, ඔහු තම පාලනය නැවත තහවුරු කරමින් සිටින බවත්ය.
“ඔහු රුසියාවේ සහ පිටත සිටින සෑම කෙනෙකුටම පැහැදිලි කරන්නේ තමා කිසිදු අභියෝගයකට මුහුණ නොදෙන බවයි.” සර් ජෝන් පැවසීය.
හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන ක්‍රිස්ටෝපර් ස්ටීල්, “එය FSB (රුසියානු අභ්‍යන්තර ඔත්තු සේවය) හෝ GRU (මිලිටරි ඔත්තු සේවය) මෙහෙයුමක් බවට මම බොහෝ සේ සැක කරමි,” ජෙනරල් (සර්ජි) සුරෝවිකින් නෙරපා හැරීමෙන් දිනකට පසුව ගුවන් අනතුර සිදු වීම ගළපමින් පැවසීය.
ඔහු ප්‍රිගෝෂින්ට සහය දුන් සහ ඔහුගේ මිත්‍රයෙකු වූ ජෙනරාල්වරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ගුවන් අනතුරට තම හමුදාව සම්බන්ධ නැති බවයි.
‘අපිට ඒකට කරන්න දෙයක් තිබුණේ නැහැ. එයට සම්බන්ධ වන්නේ කාටද යන්න සෑම කෙනෙකුටම වැටහෙනවා, ”සෙලෙන්ස්කි මාධ්‍යවේදීන්ට පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart