
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අධික උෂ්ණත්වය ගෘහස්ථ ප්රචණ්ඩත්වය ඉහළ යාමට හේතු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශ ප්‍රධානී ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසයි.
ඔහු පවසන්නේ, බොහෝදෙනා සැළකිලිමත් වන්නේ අධික උෂ්ණත්වය නිසා ඇතිවන ශාරීරික අපහසුතා ගැන පමණක් බවයි.
කෙසේවෙතත්, පවතින කාලගුණික තත්ත්වය මානසික සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරණ අතර, මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් නරක අතට හැරිය හැකි බව හෙතෙම පෙන්වාදෙයි.
“බොහෝදෙනා අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිනවා. රාත්රියේදී පවා උෂ්ණත්වය දරාගත නොහැකියි. එය මානසික සෞඛ්‍යයට හානිකරයි. අධික උෂ්ණත්වය හේතුවෙන් ගෘහස්ථ හිංසනය වැඩි වී ඇති බව අපගේ පර්යේෂණ මගින් අනාවරණය වෙනවා. මෙය වෙනත් රටවල පර්යේෂකයන් සොයාගෙන ඇති තත්වයන්ට සමානයි.” යැයි හෙතෙම සඳහන් කරයි.
අධික උෂ්ණත්වය පවතින කාලවලදී ජනතාව වැඩි වශයෙන් විදුලිය හා ජලය පරිභෝජනය කරති. මිනිසුන් වැඩිපුර භාවිතා කරන්නේ විදුලි පංකා සහ වායු සමීකරණ ය. මිනිස්සු වැඩිපුර ජලයද පරිභෝජනය කරති.
“මෙය මාසය අවසානයේ ඉහළ බිල්පත් බවට පරිවර්තනය වෙනවා. බොහෝ අය මුදල් සමඟ අරගල කරන බව අපි දන්නවා. මෙම අමතර වියදම් කාංසාවට හේතුවෙන්න පුළුවන්.”
ඔහු සඳහන් කරන්නේ, මෙම මාසය පුරාවටම අධික උෂ්ණත්වය පවතිනු ඇති බවත්, අධික වර්ෂාව මැයි මාසයේදී පමණක් ඇති වන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇති බවයි.
ඉදිරි මාසවල මූල්‍යමය, ශාරීරික හා චිත්තවේගීය පීඩාවන් තවදුරටත් පවතිනු ඇති බවත් ඔහු පවසයි.
ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර සඳහන් කරන්නේ, මිනිසුන් මානසික සෞඛ්‍යය ගැන වැඩිපුර සිතිය යුතු බවත්, ඔවුන්ට උපකාර අවශ්‍ය නම් මානසික සෞඛ්‍ය වෘත්තිකයන් වෙත යායුතු බවත්ය.(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart