
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති නීතිඥයන් ලෙස පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දසදෙනා අද දිවුරුම් දුන්හ.
චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ, මොහොමඩ් ආදමලි, හර්ෂ ප්‍රනාන්දු, ආචාර්ය සිවාජි ෆීලික්ස්, ෆයිස මාකර්, කෞෂල්‍ය නවරත්න, උපුල් කුමරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන මෙම පිරිස ජනාධිපති නීතිඥවරු ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති නීතීඥ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (cc) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පුද්ගලයාට පිරිනමන වෘත්තීය තරාතිරමක් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අනුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කරනු ලබන්නේ, වෘත්තියෙන් කීර්තියට පත් සහ උසස් චර්යා සහ වෘත්තීය නිවැරැදි බව රැකගත් නීතිඥවරුන්ය.
මෙම ප්‍රතිපාදනය යටතේ පත්කරන ලද සෑම ජනාධිපති නීතීඥයකුටම රැජිනගේ නීතීඥවරුන් විසින් භුක්ති විඳි සියලු වරප්‍රසාද හිමි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart