July 25, 2024

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා නියමකරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ජන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන සභාව පවසයි.

අද පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශව නිකුත් කරණු ගැන මැතිවරණ කොමිසමට වගකීමක් නොමැති බවද අදාළ නිවේදනයේ දැක්වේ.