
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයන් තිදෙනෙකු අද (09) ඇප මුදල් තැන්පත් කර ඇති අතර, ඒ අනුව සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි අද ඇප මුදල් තැන්පත් කර ඇත්තේ නව සමසමාජ පක්ෂයෙන් ප්‍රියන්ත පුෂ්පකුමාර, ස්වාධීන අපේක්ෂකයකු ලෙස එම්. තිලකරාජා සහ අපේ ජනබල පක්ෂයෙන් ජේ.ඩී.කේ.වික්‍රමරත්න ය.
ඒ අනුව, සෙසු අපේක්ෂකයන් වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න, කේ. පියදාස, හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ‘අභිනව නිවහල් පෙරමුණෙන්’ ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලියනගේ, ‘සමගි ජන බලවේගයේ’ සජිත් ප්‍රේමදාස, ජාතික සංවර්ධන පෙරමුණෙන් පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක, රුහුණු ජනතා පක්ෂයෙන් අජන්ත ද සොයිසා, ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක, එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය, කේ.ආනන්ද කුලරත්න, නව සිහල උරුමයෙන් සරත් මනමේන්ද්‍ර, අක්මීමන දයාරත්න හිමි, බත්තරමුල්ලේ සීලරත්න හිමි, සරත් ෆොන්සේකා (ස්වාධීන අපේක්ෂක), අරුණළු ජනතා පෙරමුණෙන් කේ.ආර්. ක්‍රිෂාන්, සමාජවාදී සමානතා පක්ෂයෙන් පානි විජේසිරිවර්ධන, ඇන්තනි වික්ටර් පෙරේරා, මුහම්මද් ඉලියාස්, පේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම්. බණ්ඩාරනායක ය.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart