
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු-යුක්රේන යුද්ධය එහි 500 වන දිනට එළැඹෙන විට, යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි යුක්රේන ප්‍රතිරෝධයේ සංකේතයක් ලෙස සැළකෙන ‘සර්ප දූපතට’ ගොස් තිබේ.
යුද්ධය ආරම්භයේදී, සර්ප දූපත ආරක්ෂා කරන යුක්රේන සොල්දාදුවන්ට, යටත් වන ලෙස රුසියානු යුද නැවකින් කළ නියෝගයක් එම සොල්දාදුවෝ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළහ.
කළු මුහුදේ පිහිටි මෙම දූපත රුසියාව විසින් අත්පත් කරගත් නමුත් පසුව යුක්රේනය විසින් එය නැවත අත්පත් කර ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති වීඩියෝ පටයක, යුක්රේන ජනාධිපතිවරයා දුපත හඳුන්වා ඇත්තේ “ජයග්‍රහණයේ ස්ථානයක්” ලෙසිනි.
2022 පෙබරවාරි 24 වන දින පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ වූ දා සිට රුසියාව විසින් අත්පත් කර ගත් සෑම බිම් අඟලක්ම යුක්රේනය විසින් ආපසු ලබාගන්නා බවට සෙලෙන්ස්කි ප්‍රතිඥා ලබාදී තිබේ.
ඔහු බෝට්ටුවකින් දිවයිනට පැමිණ ස්මාරකයකට මල් තබන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ.
මේ අතර පසුගිය වසරේ රුසියානුවන් විසින් අල්ලා ගන්නා ලද යුක්රේන යුද සිරකරුවන් පස්දෙනකු නැවත සියරට පැමිණෙන බවද යුක්රේන ජනාධිපතිවරයා නිවේදනය කළේය. දෙරට අතර සිරකරුවන් හුවමාරු වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart