
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනේ කොටස්කරුවකු වුවද, ශ්‍රී ලංකාවට චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. අනාගතයේ එවැනි එකඟතාවක් ඇතිකරගැනීමේ අපේක්ෂාවක් නොමැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකරනු ලැබුවේ සිය ජපාන නිල සංචාරය අතරතුර, ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුව අමතමිනි.
“ආසියාවේ අපිට ඇමෙරිකාවද චීනයද කියලා තෝරාගැනීමක් අවශ්‍ය නැහැ. බොහෝදෙනකුට එම තේරීම කරන්න හැකියාවක් නැහැ. මොකද අපේ එකම තේරීම ආසියාව වන නිසා. අපිට අවශ්‍ය ඉන්දු පැසිෆික් කලාප එක් තීරයක්-එක් මාවතක් සංකල්පය සහ ආසියානු සංකල්පය යන සියල්ල එකට තබාගත හැකි ආසියාවක්.
එක් තීරයක්-එක් මාවතක් කියන්නේ චීනය ආර්ථික ක්‍රමවේද හරහා ආසියාව සහ අප්‍රිකාව තුළ තම බලපෑම වැඩිකිරීමට භාවිත කරන ක්‍රමයක්. අපි එහි සාමාජිකයන් වුවත්, චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නැහැ. එවැන්නක් ඇතිකරගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඉන්දු-පැසිෆික් කලාපයේ බහුපාර්ශ්වීය සම්බන්ධතා සඳහා අපි කැපවී සිටිනවා.”
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන ඇගමැති ෆුමිඕ කිෂිඩා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
එහිදී ජපාන රජයේ සහාය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම පිළිබඳ ජනාධිපතිවරයා ජපාන රජය වෙත සිය කණගාටුව පළකර තිබේ.
විදෙස් රටක හෝ පාර්ශ්වයක් මැදිහත්වීම ඇතිවී සිදුකරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවයක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නීතී සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බවද පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart