
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මීළඟ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එහිදී ගනු ලැබූ තීරණය ‘ඉතා ඉක්මනින්’ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත්කිරීමේ බලධාරියා ජනාධිපතිවරයාය.
එම තනතුරේ දීර්ඝ කාලයක් සේවය කළ සී.ඩී.වික්‍රමරත්න පසුගියදා විශ්‍රාම ගියේය.
යෝජිත නම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා අතර ඇති වූ මතභේද හේතුවෙන් පොලිස්පතිවරයා පත්කිරීම ප්‍රමාද වූ බවට මීට පෙර වාර්තා පළවිය.
ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකළ පසු එය කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතුය.
අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එහි සාමාජිකයෝ වෙති.
ඊට සිවිල් සමාජයේ තිදෙන් ඇතුළු දසදෙනෙක් ඇතුළත් වෙති.
යෝජිත පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා එකඟත්වයකට පැමිණ ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුර සඳහා තෝරාගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන කවයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart