
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට ආර්ථික පරිහානියකට ලක්වූ බැවින් අකමැත්තෙන් හෝ විදේශීය රටවලින් හිඟාකෑමට තමාට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අද (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අතඋස්සන්න කිව්වොත් කවුරුත් අත උස්සන්නේ නෑ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයින් වෙලා ඉන්න කාලේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේ දී මෙය නොවෙන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න වැඩක් නෑ. රැකියා නැතිවෙන්න වැඩක් නෑ. ඒ ඔක්කෝම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න. අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වුණා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟාකෑවා. ඔබට අනාගතයක් ලබලා දෙන්න. මම හිතන්නේ නෑ ඔබලා වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟාකනවාට.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart