
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වාදී ඇති අතර, ඒ සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත.
සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩිකිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදාගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩුවීම පිළිබඳවද අවධානය යොමුව ඇත.
පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වාදීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart