
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය නිවසේ සේවයේ නියුතු සේවකයෙක් විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම යළි මෙරටට කැඳවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ඉරිදා නුවරඑළියේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ මෙම චෝදනා එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට කැළලක් බවයි.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිල නිවස තුළ සේවකයෙක්ට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් පැමිණිල්ලක් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් විමර්ශනය කර ඇති බව වාර්තා විය.
ජනාධිපතිවරයා කියාසිටියේ මහකොමසාරිස්වරයා යළි කැදවා ඇති බවත් එවැනි සිදුවීම් කිසිසේත් අනුමත නොකරන බවත්ය.
විදේශ දූත මණ්ඩලවල තවත් දේශපාලන පත්වීම් ගණනාවක් ද තම රජය විසින් ආපසු හැරවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ට අමතරව විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවයේ නියුතු තවත් පිරිසක් ද යළි කැඳවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් දේශපාලනඥයන්ගේ පවුල්වල සාමාජිකයන් බවද ජනාධිපතිවරයා හෙළිකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart