
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උදය ගම්මන්පිල උත්සාහ කරනුයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සැඟවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
අද කටුනායකදී පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, පාරකු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල ඉටුකරමින් සිටින බවයි.
තමන්ට එම අපරාධයට සම්බන්ධ කිසිවකුත් සැඟවීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, ඔවුන් උත්සාහ කරන්නේ, මේ වන විට සිදුකෙරෙන සැබෑ විමර්ශන අවුල් කිරීමට උත්සාහ කිරීම බවද පෙන්වා දුන්නේය.
“ජාතික ජන බලවේගය පෙරළන බාල්දිවලට යටවෙන්නේ නෑ. බාල්දි පෙරළන්න ඉඩදෙන්නෙත් නෑ” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
වසර පහක් තිස්සේ කෝමා තත්වයෙන් සිටි පුද්ගලයන් දැන් අවදිවී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart