June 18, 2025

නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීම සහ උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමට අදාළව මතු වී ඇති ගැටළු සළකා බලා ඊට සුදුසු පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කොට ඇත.

කමිටු රැස්වීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකර තිබේ.