Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (21) සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා සිය සංචාරයේදී සිංගප්පූරු ජනාධිපතිනිය සහ එරට අග්‍රාමාත්‍යවරයා ද හමුවීමට නියමිතව තිබේ.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ අදාල අමාත්‍යාංශ වල කටයුතු කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර ඇත.
ඒ අනුව ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මුදල් අමාත්‍යාංශය සඳහා ෂෙහාන් සේමසිංහ, තාක්ෂණ අමාත්‍යාංශය සඳහා කනක හේරත්, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය සඳහා අනූප පස්කුවල් යන රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart